Saturday, May 18, 2024

එකක් විසදෙන විට තව එකක්…

විදේශ පුහුණුව නිම කළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ස්ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමේදී ගැටළු රැසක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

වසර හතරකට වරක් වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලැබෙන අතර,  ඔවුන්ගේ දරුවන්ට යෝග්‍ය ජාතික පාසලක් ලබාදීමට කටයුතු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟ වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් ස්ථිර පදිංචිය තහවුරු කිරීමට නොහැකිවීම නිසා වෛද්‍යවරුන්ගේ දරුවන්ට නිසි පාසලක් නොලැබෙන බව සඳහන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මැයි 15 වනදාට පෙර පාසල් ලබාදෙන බවට රජය දුන් පොරොන්දුව ඉටුවී නැතැයිද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම අර්බුදය අඛන්ඩව පැවතුණහොත් වෛද්‍යවරුන් රට හැර යාමේ තත්ත්වයක් වුවද මතුවිය හැකි බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles