එක්දින තරඟාවලියේ ජයත් 3 – 0 ලෙස එංගලන්තයට

0
349

එංගලන්තය සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟයෙන් ද ලකුණු 122 කින් පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.

ඒ අනුව තරඟාවලිය 3 – 0 ලෙස ජය ගන්නට එංගලන්ත පිල සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුනු 327 ක් රැස් කළා.

පන්දු වාර 42 යි පන්දු හතරකදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 202 ක් පමණයි.

තරඟාවලියේ වීරයා ලෙස ජේසන් රෝයි නම් කෙරුණු අතර තරඟයේ වීරයා වූයේ ජොස් බට්ලර්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here