Tuesday, May 7, 2024

මෛත්‍රී, රනිල්, මහින්ද පුංචි ඡන්දයට වෙන වෙනම කදවුරු බඳී..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු, ඉදිරි පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා කඳවුරු බඳිමින් පක්‍ෂ තුනකින් මේ වන විටත් සංවිධාන කටයුතු ආරම්භ කර ඇත.

මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පෙරමුණටත්, මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ ගණනාවක්‌ සමඟ පුළුල් පෙරමුණකටත් නායකත්වය දෙමින් මැතිවරණ සටනට පිවිස ඇති බව පෙනී යනවා.

රහසිගතවම, මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයන්ගේ නම් ලැයිස්‌තු ලබාගැනීමේ කටයුතු මේ වන විටත් ඒ ඒ පක්‍ෂ ආරම්භ කර ඇත. මේ අනුව, මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහා ඔවුන් අතරින් සුදුසුම අය තෝරා ගැනෙනු ඇති. මෙම මැතිවරණයේදී, ශ්‍රීනිප ප්‍රමුඛ එජනිසය බුලත් කොළය ඡන්ද ලකුණින් ද, එජාපය ප්‍රමුඛ එජාපෙ අලියා ලකුණින්ද, මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දෙන නව පෙරමුණ මල්පොහොට්‌ටුව ලකුණින් ද මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇත.

මේ මොහොත වන විටත්, ඉහත නායකයන් තිදෙනාම ඔවුන්ගේ පක්‍ෂ වටා අනෙකුත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්‌කර ගැනීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක්‌ දියත් කරමින් සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles