Tuesday, May 7, 2024

පොලිස් රෝහලේ දූෂණ සොයන්න CID ය පරීක්ෂණ අරඹයි..

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස්‌ මත, පොලිස්‌ රෝහලේ කාලයක සිට සිදුවන මහා පරිමාණ අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් CIDය පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වෙනවා.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති ලියෝ පෙරේරා මහතා පොලිස්‌ රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදී හදිස්‌සියේ ම මිය යාමෙන් පසුව CIDය මෙම පරීෂණ මුලින්ම අරඹා ඇත. පොලිස්‌ රෝහලේ නොසැලකිලිමත් කම නිසා මෙම මරණය සිදුවූ බව ලියෝ පෙරේරා මහතාගේ ඥතීන් චෝදනා කර තිබුණා.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන නිලධාරීන් 85,000 කගෙන් මාසිකව රුපියල් සියයක මුදලක්‌ පොලිස්‌ රෝහල් කටයුතු වෙනුවෙන් බැර කරන බව පොලිස්‌ මූලස්‌ථානය සඳහන් කරනවා. මෙසේ තිබියදීත්, රෝගීන් වෙනුවෙන් පොලිස් රෝහලෙන් ලබා දෙන ඇතැම් ඖෂධ කල් ඉකුත් වූ ඒවා බව හෙළි වී ඇත. මීට සති කීපයකට උඩදී ද මෙවැනිම සිදුවීමක් සිදු විය . ඒ, රෝගී තත්ත්වයක්‌ වෙනුවෙන් ප්‍රතිකාර ලැබීමට ගිය නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට මහතාට කල් ඉකුත් වූ ඖෂධ වර්ගයක්‌ එන්නත් කිරීමට පොලිස්‌ රෝහල් බලධාරින් උත්සාහ කිරීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles