එජාප මැයි රැලිය කැම්බල්පිටියේ

0
655

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැලිය දිනන ජනතාවගේ මැයි දින රැලිය යන තේමාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වේ.

මැයි දින ජාතික කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු නිල සංචාරය නිම කර දිවයිනට පැමිණීමෙන් පසු රැස්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි දින රැලියට එක් වීම සඳහා ප්‍රධාන පක්ෂ කිහිපයක් කැමැත්ත පළ කර ඇති අතර ඔවුන් මැයි දින රැලියට සහභාගි කර ගන්නා අන්දම පිළිබඳව එහිදි තීරණයක් ගැනීමට නියමිතය.

කොළඹ නගරයේ පැවැත්වෙන වැඩිම ජන සහභාගිත්වයකින් යුතු මැයි රැලිය එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here