Sunday, May 19, 2024

කැබිනට් සංශෝධනය තවම ස්ථිර නැහැ

කැබිනට් සංශෝධනයක් පිළිබඳ උණුසුම් සංවාදයක් ඇති වෙමින් තිබුණ ද එබඳු සංශෝධනයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් පසුගිය සතිය අවසන් වන තෙක් ම ලැබී නැති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය සතියේ පැවැති අතර එහිදී ද කැබිනට් සංශෝධනයක් පිළිබඳ කතාබහක් සිදු වී නැත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගිය සති‍යේ හමුවූ අවස්ථාවේදී සාකච්ඡා කෙරී තිබුණේ දූෂණ වංචා චෝදනාවලට ලක්වූ පුද්ගලයන් ගැන හා ඉදිරි මැතිවරණ ආදිය ගැන පමණක් බවය.

එහිදී කැබිනට් සංශෝධනයක් පිළිබඳ කිසි ම කතාබහක් නොවුණු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

යම්කිසි හෙයකින් කැබිනට් සංශෝධනයක් වන්නේ නම් එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර වන සාකච්ඡාවකින් තීරණය වන්නක් බවද කී අමාත්‍යවරයා පසුගිය මාසයේ ජනාධිපතිවරයා අමාත්‍යාංශ පිළිබඳ දැඩි ලෙස නිරීක්ෂණය කළ බව සත්‍යයක් වුව ද එමඟින් කැබිනට් සංශෝධනයක් කෙරේද නොකෙරේද යන්න පිළිබඳ නිශ්චිත තීරණයක් ගත නොහැකි බ ව ද කියා සිටියේ ය. කැබිනට් සංශෝධනයක් ගැන කිසිම සාකච්ඡාවක් නෑ!

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles