Wednesday, May 8, 2024

ජනාධිපති ලේකමෙක් මෛත්‍රීට සහ දහම්ට කියා ඩො.මි.20 ක් පගාව ඉල්ලලා: මිලියනයක් ඇඩ්වාන්ස් දීලා

ඉසුරු දේවප්‍රිය මහ ඇමැතිවරයා සිය බිරිඳ ලවා සහ චම්පික රණවක කැබිනට් ඇමැතිවරයා සිය ගෝලයන් ලවා  කැනේඩියානු සහ ජර්මානු සමාගම් දෙකකින් කුණු ප්‍රතිචක්‍රීයකරන ව්‍යාපෘති දෙකක් සඳහා ඩොලර් මිලියන 3 ක් සහ ඩොලර් මිලියන 3.5 බැගින් අල්ලස් ඉල්ලීමේ සිද්ධි දෙකක් ලංකා ඊ නිව්ස් විසින් වාර්තා කිරීමෙන් පසු වත්මන් යහපාලන ආණ්ඩුවේ බලධාරීන් විසින් එවැනි අල්ලස් ඉල්ලීම් පිලිබඳ සිදුවීම් නොකඩවා ලංකා ඊ නිව්ස් වෙත ලැබෙමින් පවතී.

ඉන් වැදගත් සිදුවීමක් වන්නේ දහම් සිරිසේන පුත්‍රයා හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දිය යුතු යැයි කියා ජනාධිපතිගේ අපාය සහාය ලේකම්වරයෙකු වන පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් මියුරු භාෂිත ලියනගේ නමැත්තා විසින් ඩොලර් මිලියන 20 ක අල්ලසක් එක්තරා සමාගමකින් ඉල්ලා සිටීමයි. 

සිද්ධිය මෙසේය.

දැනට කාලයක සිට ලංකාවේ මාර්ග  ආලෝක කරණයට භාවිතා කරන සම්ප්‍රදායික විදුලි පහන් වෙනුවට බලශක්ති පිරිමසන led  විදුලිපහන් සවිකිරීමට 2012 වසරේ සිට ලෝකයේ විවිධ රටවල සමාගම් වරින්වර ශ්‍රී ලංකාවේ රජයට විවිධ ව්‍යාපෘති ඉදිරි පත් කර ඇත. වනචර දශකයේ සියළු ආයෝජන සිදුකෙරුණේ රාජපක්ෂ පවුලේ කල්ලිය හරහා බැවින් එකල led ව්‍යාපෘතිය සිදු කිරීමේ බ්‍රෝකර් කම ලබාගෙන සිටියේ මහින්ද රාජපක්ෂගේ මියගිය අක්කාගේ පුතාවන  හිමාල් හෙට්ටිආරචි වන අතර ඔහු ගේ  චෙස්මි කොන්සොලිඩෙට්  නම් නාමික සමාගම හරහා සියලු led  ව්‍යපෘති ඉදිරිපත් කළ යුතුව තිබුණි .

නමුත් සමාගම් දෙකක් හැර අන් සියළු සමාගම් හිමාල් හෙට්ටිආරච්චි ඉල්ලු කොමිස් මුදල ගෙවීම ප්‍රතික්ෂේප කර පිටව ගිය අතර  ඉතිරි වුයේ  LS  කොමියුනිකේෂන් හා සෙමිඉලෙක්ට්‍රිකල් ලංකා නම් සමාගම් දෙක පමණි. නමුත් ඒ කිසිදු සමාගමක් එක LED  බල්බයක් තබා ඉටිපන්දමක් හෝ නිෂ්පාදනය කරන සමාගම් නොව නාමික බ්‍රෝකර් සමාගම් විය.

දැනට ලංකාවේ  වීදි පහන් ලක්ෂ 8 කට අසන්න ගණනක් ඇති අතර ඉන් නීත්‍යානුකුලව සවිකර ඇත්තේ ලක්ෂ 5කට ආසන්න වීදි පහන් ප්‍රමාණයකි. අන් සියල්ල නීති විරෝධීව  පළාත් පාලන නියෝජිතයින් අනවසරයෙන් සවිකළ වීදි පහන් ය.

අවසානයේ ඉතිරි වූ ඉහත කී සමාගම් දෙකම බ්‍රෝකර් සමාගම් වූ අතර හිමාල් හෙට්ටිආරච්චි සහ ඔහුගේ චෙස්මි කොන්සොලිඩේටඩ් කණ්ඩායම් ඉල්ලූ අති විශාල කොමිස් මුදල ලබාදීමට එකඟ වූ ව්‍යාපෘතිය  වෙත  මෙම LED  ව්‍යාපෘතිය ලබාදීමට එකග විය.   මෙම සමාගමේ සිටිනුයේ   කොරියන් ජාතිකයෙක් සහ ශ්‍රීනාත් පෙරේරා නම් කොරියාවේ කම්කරු රැකියාවක නියුතු ව සිට පැමිණියෙකි .  මේ එකඟතාවය සිදු වූයේ 2014  අවසාන කාලයේ වන අතර  2015 ජනවාරි 8 දා රාජපක්ෂලා පරාජය වී ගෙදර ගියේය.

ඉන්පසු ටික කලකට පසු  ඉහත කී අල්ලස් දීමට එකඟ වූ සමාගම  අලුත් ආණ්ඩුව සමග පෙර පුරුදු ජාවාරම  ආරම්භ කල අතර මෙවර ඔවුන්ගේ පහසුකම් සපයන්නා  වූයේ ජනාධිපති ගේ පාර්ලිමේන්තු ලේකම් වන මියුරු භාෂිත ලියනගේ නමැත්තා ය.

LED  හෝ වෙනත් මෙලෝ දානයක් ගැන තාක්ෂණික දැනුමක් නොමැති මියුරු භාෂිත මෙම ව්‍යාපෘතිය ට  කැබිනට් අනුමැතිය ලබාදීමට ඩොලර් මිලියන 20 ඉල්ලා ඇත. මියුරු භාෂිත ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් මිලියන 20 න් කොටසක් දහම් සිරිසේන හරහා  ජනාධිපති වෙත යන බවයි. ඉන්පසු අත්තිකාරමක් ලෙස ඩොලර් මිලියන් 1 ක ප්‍රමාණයක් මියුරු භාෂිත ලියනගේට  අල්ලස් ලෙස ලබා දී තිබේ. ඒ සමගම මියුරු භාෂිත මෙම ව්‍යාපෘතිය ට අවශ්‍ය අනුමතිය  ලබාගැනීම සදහා අදාල සියලු ආයතන වලට දැඩි බලපෑම් එල්ල කිරීම ආරම්භ කෙළේය. මොහු එහිදී සියලු ආයතනවල නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා ගේ ව්‍යාපෘතියක් බවත් එයට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙසත් ය.

මෙහි එක් අවස්ථාවකදී  මුදල් අමාත්‍යාංශයට බලපෑම් කළ විට නිලධාරීන් පවසා ඇත්තේ අදාල කාරණය ගැන කෙලින්ම අදාල අමාත්‍ය වරයා දැනුවත් කරන ලෙසයි .එහිදී මියුරු භාෂිත කියා ඇත්තේ ඇමති මාරු කර හෝ මෙම ව්‍යාපෘතිය සිදු කරන බවයි. පසුගිය කාලයේ මුදල් ඇමැති මාරු කිරීම ගැන ව්‍යාජ පුවත් පත් වාර්තා පළ කරවන ලද්දේ ද මියුරුගේ වුවමනාවට එකී ජඩමාධ්‍ය කරුවන්ට මුදල් ලබා දීමෙනි. මන්ද යත් එවිට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් චකිතයකට පත් කර තම ඩීල් එක ඉටු කර ගැනීමට ය. මියුරුගෙන් මුදල් ලබා ගත් එක් සති අන්ත හඬක් මුදල් ඇමැති වෙනස් කිරීමේ ව්‍යාජ පුවත ගැන ප්‍රධාන සිරස්තලයක්  පවා පළ කෙළේය.

දැනට මියුරු භාෂිත සහය දෙන, පෙර සදහන් කළ සෙමිඉලෙක්ට්‍රිකල් ලංකා  නම්  සමාගම සමග ඒකාබද්ධව සිටින කොරියන් ටෙලිකොම් සමාගමට මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබාදීමට  බොහෝ කටයුතු සුදානම් කර ඇත. මේවා මෙලෙස සිදු වුව හොත් ලංකාවට ඩොලර් මිලියන 100 කට අධික  අලාබයක් සිදුවීමට නියමිතය.

බලශක්ති පිළිබඳ පාර්ලිමේන්තු ආංශික  අධීක්‍ෂණ කාරක සභාව මෙම ව්‍යාපෘතිය සලකා බැලීමට පසුගිය දිනවල කැඳවූ අවස්ථාවේ මියුරු භාෂිත ලියනගේ නිලධාරීන් ට හා මන්ත්‍රී වරුන්ට පවසා ඇත්තේ මෙම ව්‍යපෘති යෝජනාවට විරුද්ධ නොවන්නැයි කාරක සභාව දැනුවත් කිරීමට ජනාධිපතිවරයා තමාට බාර දී ඇති බවයි. එමඟින් සියළු දෙනාම මේ වන විට විශ්වාස කරන්නේ  ඇත්තටම ජනාධිපතිවරයා මෙවැනි ඩීල් වලට සහාය දක්වන්නෙක් බවයි.

මෙම මියුරු භාෂිත ලියනගේ ජනාධිපතිවරයා විකුණමින් ඉතාමත් පහත් පෙළේ ක්‍රියා සිදුකරන බවත් ගෑණුන්ට බලපෑම් කිරීමේ සිට රාජපක්ෂලාගේ අපරාධ පිලිබඳ සිදුකරමින් තිබෙන පරීක්ෂණ වලට බලපෑම් කිරීම දක්වා තොරතුරු ලංකා ඊ නිව්ස් විසින් මීට පෙර හෙළිදරව් කර ඇත. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා මෙම නූගත් හෝතඹුවා තම පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ධූරයේ තබාගෙන ඉන්නේ මේකා බ්‍රැඩ්මන් වීරකෝන්ගේ බාප්පා සේ සලකාගෙනදැයි සැක සිතේ. තමන් යහපාලනය ගෙන යන්නේ නම් ඊට පෙළ ගැසුනු අවංක නිලධාරීන් ලං කර ගන්නවා වෙනුවට ජනාධිපතිවරයා මෙතෙක් සිදුකර ඇත්තේ අපාය සහාය හෝතඹුවන් රැලක් ලේකම්ලා ලෙස ලං කර ගැනීමය.

ඉහත හෙළිදරව්ව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම පියවරක් නොගන්නේ නම් යහපාලනප්‍රේමී ජනතාවට පිළිගැනීමට සිදුවන්නේ මියුරු භාෂිත නමැති ලේකම් හරහා ඩොලර් මිලියන 20 ක අල්ලසක් ජනාධිපතිවරයා සහ දහම් සිරිසේන විසින් ඉල්ලා ඇතැයි යන්න සත්‍යය බව නොවේද? තම නිවැරදි භාවය ජනතාවට ඒත්තු ගැන්වීම ජනාධිපති මෛත්‍රී සතු වගකීමකි.

(මෙහි දැක්වෙන සේයාරූ දෙකෙන් යහපාලන ජනාධිපතිවරයාගේත් ඔහුගේ අපාය සහාය ලේකමෙක් වන මියුරු භාෂිතගේත් වෙනස විදහා දැක්වේ. ජනාධිපතිවරයාට තම කුඩය තමා විසින්ම ඉහලාගෙන යෑමට හැකි වුනද මියුරු භාෂිත ලියනගේට තම කුඩය ඉහලා ගැනීමට නොහැකිය. ඔහුට කුඩය ඉහලීම සඳහා හෙංචයියන් රෑනකි.) www.lankaenews.com උපුටා ගැනීම -ලංකා ඊ නිව්ස් 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles