Sunday, April 28, 2024

එලිසබෙත්ගේ දියණිය, සර් ටිම් සමඟ එයි….

ශ්‍රී ලංකා රජය කළ ආරාධනයකට අනුව, අභාවප්‍රාප්ත එලිසබෙත් මහා රාජිනියගේ එකම දුහිතෘ රත්නය වන ඈන් එලිසබෙත් අලිස් ලුයිස් නැතිනම් බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය මෙරට සංචාරයකට සූදානම් වනවා.

ඒ අනුව ඇය එළඹෙන ජනවාරි 10 වනදා දිවයිනට පැමිණීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ඇය ජනවාරි 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්.

ඈන් කුමරියත් සමඟ ඇගේ සහකරුවෙකු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ බි්‍රතාන්‍යය අතර පවතින රාජ තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සර සැමරුමට සමගාමීව බි්‍රතාන්‍යයේ ඈන් කුමරිය මෙරටට පැමිණෙන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.

ඈන් කුමරිය යනු බි්‍රතාන්‍යයේ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ එකම දියණිය වන අතර ඇය තුන්වන චාල්ස් රජුගේ එකම සහෝදරියයි.

Related Articles

Latest Articles