ඒකාබද්ධ විපක්ෂයෙන් තව පිරිසක් ආණ්ඩුවට ..?

0
397

ඒකාබද්ධ විපක්ෂයෙන් තව හය හත්දෙනෙකු ඉදිරියේදී ආණ්ඩුවට එකතුවීමට නියමිත බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

සිරිකොතදී අද පැවැති  මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඒ අනූව ඒකාබද්ධ විපක්ෂය ක්‍රමයෙන් දියවී යනු ඇති බවයි.

‍මේ නිසා ඔවුන්ට ඒකාබද්ධ විපක්ෂය කියනවාට වඩා දියලුණු කණ්ඩායම යැයි කීම වඩාත් සුදුසු යැයිද හෙතෙම පැවසීය.

මේ අතර මහබැංකු අධිපතිවරයාගේ සේවා කාලය දිගු කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විරෝධතා ව්‍යාපාරයකට සුදානම් වන බවට මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකටද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

එක එක අයට යම් යම් මත දැරීමේ හැකියාව ඇති බවත්, චෝදනා තිබූ පමණින් ඔප්පු නොකර කවරෙකු හෝ ඉවත් කළ නොහැකි බවත්, කෙසේ වුවත් ජනාධිපතිවරයා ඒ ගැන පියවරක් ගනු ඇති බවත්, ඒ මහතා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here