ඒකාබද්ධ විපක්ෂයේ ගැටුම රත්නපුරයෙන් එළියට ආවා

0
360

ඒකාබද්ධ විපක්ෂය රත්නපුරයේ පැවැත්වූ රැලියෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ පැන නැගී ඇති භේද ඉස්මතු කර පෙන්වූ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා “ලක්බිමට” පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා  මෙසේද කීය.
“පාර්ලිමේන්තු මැතිවරණයට කලින් “මහින්ද සමග නැගිටිමු” කියලා රැලි මාලාවක් සංවිධානය කළා. ඒ රැලි මාලාවේ දෙවැන්න පැවැත් වුණේ රත්නපුරයේ. ඒක සංවිධානය කළේ අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා. එදා පැවැති රැලියට සහභාගි වුණු තරම් සෙනඟක් මේ රැලියට සහභාගි වුණේ නැහැ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ රැලියට සහභාගි වුණෙත් නැහැ. මේ රැලිය සංවිධානය කළ පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය දිස්ත්‍රික්කය තුළ ගැටලු රැසක් ඇති කර ගෙන තිබුණා. මේ නිසා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දැඩිව පෙනී සිටි රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේම මන්ත්‍රීවරුත් රැලියට සහභාගි වෙලා ඉන්නවා අපි දැක්කේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here