Saturday, May 18, 2024

පොලිස් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට මාංචු දාන්න නීතිපති ප්‍රමාදයි

පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ නීතිපති උපදෙස් නොමැතිව ඇණහිට ඇතැයි ‍පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.
‍පොලීසියේ පහළ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා යවන ලිපි ගොනුවලට උපදෙස් ඉතා වේගවත් ලෙස ලැබුණත් ඉහළ ‍පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඇත්තේ දැඩි ප්‍රමාදයක් බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක්ද, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩ බලන නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක්ද ඇතුළු දැනට ‍පොලිස් සේවාවේ සිටින ඉහළ තනතුරු දරන ‍පොලිස් නිලධාරීන් හතර පස් දෙනකුම අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ‍පොලිස් තොරතුරු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles