Sunday, May 19, 2024

ඔබ සෙවූ අගමැති මහින්දට තිරුපති යන්න ජෙට් යානයේ තොරතුරු සමග එය දුන් ව්‍යාපාරික හිතවතා මෙන්න


අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට තිරුපති බලා පිටත්ව යාම සදහා සිය පෞද්ගලික ජෙට් යානයක් ලබා දී වේලුපිල්ලේ කනනාදන් විසින් බව මේ වනවිට අනාවරණය වී ඇත.

කනනාදන් මහතා ඉකුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී උගන්ඩාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ‌වත්මන් රජය යටතේ කෙන්යාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

හෙතෙම රාජපක්ෂ පවුලේ හිතවතකු ලෙස සැලකෙන කනනාදන් මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සමග හිතවත්කම් පවත්වාගෙන යන්නකු ලෙසද සැලකේ.

කෙසේවෙතත් මෙම ව්‍යාපාරිකය පිළිබදව පළමුවරට රටට අනාවරණය කළේ පුබුදු ජාගොඩ මහතා විසිනි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා සිටියේ මෙම තිරුපති ගමන සඳහා මුදල් වැය නොවූ බවට අග්‍රාමාත්‍යවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පුවත්පතක් වෙත ප්‍රකාශ කර ඇති බව යි.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මෙම ජෙට් යානයේ ගමනාන්තයන් පිළිබඳ අනාවරණයක් සිදු කළ පුබුදු ජයගොඩ මහතා ප්‍රශ්ණ කළේ එම ගමනාන්ත අතර පවතින “කොචින්” සහ “චෙන්නායි” බලා මෙම යානයෙන් ගමන් කළේ කවුරුන් ද සහ එහි රැගෙන ගියේ මොනවාද යනුවෙනි.

රටෙහි ඩොලර් හිඟයක් පවතින වාතාවරණයක සහ ජනතාව ආර්ථික අතින් අන්ත අසරණ භාවයට පත්ව ඇති පසුබිමක අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ පිරිස මෙලෙස තිරුපති වන්දනා කිරීමට යාම සමාජයේ බොහෝ සෙයින් විවේචනයට ලක් වූවා.

ගමන සඳහා වූ වියදම අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙකු විසින් ලබා දුන් බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි ජයගොඩ මහතා පෙන්වා දුන්නා.

මෙවන් ජෙට් යානයක ගමන් කළ හැක්කේ විශාල ධනස්කන්ධයක් පවතින පුද්ගලයෙකුට පමණක් බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙනවා.

මෙම වර්ගයේ ජෙට් යානයක සේවය ලබා ගැනීමේ දී පැයක කාලයක් සඳහා වැයවන මුදල ඇමරිකානු ඩොලර් 6,700ක් පමණ වන බව යි පුබුදු ජයගොඩ මහතා අනාවරණය කර සිටින්නේ.

එවන් පසුබිමක පැය 24ක ගමනක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 32ක් පමණ මුදලක් වැයවන බව ද ඔහු පෙන්වා දුන්නා.

සාමාන්‍ය මගී ගුවන් යානයක ඉන්දියාව බලා ගමන් ගැනීමට හැකියාව තිබිය දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙතරම් විශාල වියදමක් සිදු කළේ මන්දැ යි ගැටළුවක් පවතින බව ද ජයගොඩ මහතා සඳහන් කරනවා.

මේ අතර මෙම යානයේ හිමිකාරීත්වය ඉන්දීය සමාගමකට අයත් බව පැවසුණත්, එහි ලියාපදිංචි නාමය පරීක්ෂා කිරීමේ දී එහි සැබෑ හිමිකාරීත්වය සම්බන්ධව ද ප්‍රශ්ණ සහගත බවක් හටගන්නා බව ද ජයගොඩ මහතා පෙන්වා දෙනවා.

එහි සංඥා නාමයට අනුව මෙම යානය “සැන් මැරීනෝ” රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති බව පෙනෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සැන් මැරීනෝ යනු යුරෝපයේ ඇති කුඩාම රාජ්‍යයන්වලින් එකක්වන අතර මෙම රාජ්‍යය “කළු සල්ලි සුදු කරන” ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වී ඇති බවත්, ඒ අනුව මෙම ගුවන් යානය ද කලු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ද යන සැකය ද මතුවන බවත් ජයගොඩ මහතා ප්‍රකාශ කළා.

මෙම යානය සමඟ දිනක් රැදී සිටියෙ නම් එහි කුලිය එක්සත් ජනපද ඩොලර් 160,000 හෙවත් රුපියල් මිලියන 32ක් වේ.

මෙම ජෙට් යානය ලියා පදංචි කර ඇත්තේ බදු නොගවා සිය ධනය තැන්පත් කළ හැකි (Tax haven) සැන් මැරීනෝ නම් කුඩා යුරෝපිය දූපතෙහිය. මෙම ජෙට් යානය සුපිරි ධනවතුන්ට කුලියට දෙන එකක් බවද සඳහන් වේ.

‘T7-JSG’  ලෙස  ලියාපදිංචි වී ඇති Legacy 600 JetSetGo Aviation Services Private Limited හි ඇති බොහෝ ගුවන් යානා වලින් එකක් බව “ද මොර්නිං” පුවත් පත වාර්තා කරයි. මෙය ඉන්දීය සමාගමක් වන අතර එහි අධ්‍යක්ෂ මන්ඩලයේ ඉන්දීය සුපිරි ක්‍රිකටි ර්‍කිඩක යුවරාජ් සිං ද සිටී.

අගමැති රාජපක්ෂගේ සමබන්ධිකරණ ලේකම් ලෙස අගමැති ධුරයේ නොනිල වැඩ බලන්නා වන යෝශිත රාජපක්ෂ “ද මොර්නිං” පුවත්පතට කියා ඇත්තේ මෙම ජෙට් යානය තාත්තාගේ මිතුරකු විසින් නොමිලයේ ලබා දුන් බවත් එම මිතුරාගේ නම තමා නොදන්නා බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles