ඔස්ට්‍රේලියාවේ උද්ඝෝෂණ

0
502

ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනට එරෙහිව නගර කිහිපයකදී උද්ඝෝෂණ පැවති බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳුදා ඇරඹීමට නියමිතය.

මෙල්බර්න්, සිඩ්නි, සහ බ්‍රිස්බේන් වැනි නගර කිහිපයකදී උද්ඝෝෂණ පැවති අතර ඊට එක්වූවන් “මගේ සිරුර – මගේ කැමැත්ත” යනුවෙන් සටන්පාඨ පවසමින් සිය විරෝධය දක්වා තිබේ.

එම රැළි සාමකාමීව පැවැත්වුව ද පොලීසිය විසින් කිහිපදෙනෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ.

එරට එන්නත්කරණ වැඩසටහන සඳහා ෆයිසර් එන්නත ආරම්භයේදී ලබාදීමට නියමිත අතර ලබන මස සිට ඇස්ට්‍රා සෙනෙකා එන්නත්ද ලබාදෙන බව බලධාරීන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here