Monday, May 20, 2024

පුදුමාකාර ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න අයට”. නීල් වර්ණකුලසුරිය

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා සිය කර්මාන්තය තුළ දැඩි දුෂ්කරතා වලට මුහුණ දී සිටින විවාහ උත්සව කර්මාන්තයේ  සැපයුම්කරුවන්ගේ එකමුතුව විසින් අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ඊට කණ්ඩායම් සංගීත, නර්තන ශිල්පින්, උත්සව සැලසුම්කරුවන් ඇතුළු සියලුම පාර්ශව නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වී සිටි බව වාර්තා වේ.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා මංගල උත්සව සඳහා සීමාකර තිබූ 150ක පමණ පුද්ගල සහභාගීත්වය 50ක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු රජයේ වගකිවයුතු බලධාරීන් ගෙන තිබෙන තීන්දුව සම්බන්ධව ඔවුන් සිය විරෝධය දැක්වීය.

එහිදී අදහස් දැක්වූ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතා, “අපිට අපේ රස්සාව කරන්න එපා කියනවා නම් අපිට විකල්පයක් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් නැහැ. අපිට බලපාලා තියෙන තත්ත්වයට මේ තීන්දු තීරණ ගන්න බලධාරීන්ට උත්තර නැහැ. නීති රීති පනවන්න පෙර අපිට මතුවෙන ප්‍රශ්න ගැන හිතන්න. පුදුමාකාර ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න අයට”.

ප්‍රවීණ නර්ථනාචාර්ය චන්න විජේවර්ධන මහතා, “සමහරු අපි කරන්නෙත් රස්සාවක් කියන එක ඒ විදිහට දකින්නේ නැහැ. අපි නීති පද්ධතිය හරියට රකිනවා. අපි ප්‍රසංගයකට හෝ විවාහ උත්සවයකට ගියාම ජනතාව සමඟ ගැටෙන්නේ නැහැ. අපෙන් කොවිඩ් බෝවෙනවා කියන්න බැහැ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිටම මේ කර්මාන්තය වැටිලා තියෙන්නේ. බැංකු වලට ගෙවන්න සල්ලි නැහැ. දැන් රිම් එකත් ගෙවිලා තියෙන්නේ”.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles