Sunday, May 19, 2024

සහරාන් හෂීම්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණිය පිළිබඳ තොරතුරු

පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ වයස අවුරුදු 24ක තරුණියක් මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

ඇය සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ තරුණියක් බව පොලීසිය පවසයි.

ඇය ව මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා නම් 24 හැවිරිදි තරුණියකි.

ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැගණියයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් සතියකට පසු එම සහෝදරයින් දෙදෙනා ගම්පොල පාවහන් වෙළෙඳසැලක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසු අවස්ථාවකදී ඔවුන්ගේ පියා ද අත්අඩංගුවට පත්විය.

ඔවුන් මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින අතර ඊයේ අත්අඩංගුවට පත් තරුණිය ද ප්‍රහාරය එල්ල වූ කාලයේදී ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles