Friday, May 17, 2024

ඖෂධ දත්ත මැකූ පුද්ගලයා මාසෙකට කලින් ඉල්ලා අස්වීම දීලා – හරීන්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයා එම සිද්ධිය වීමට මසකට පෙර අදාළ සමාගමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබූ බවත් ඔහු ඊළඟ රැකියාව සඳහා ‘යර්ස් වී කැන්’ නමින් පසුගිය කාලයේ ප්‍රචාරණ ව්‍යාපාරයක් කළ සමාගමකට යාමට සැලසුම් කර ඇති බවත් සමගිි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම දත්ත මැකීම හිතාමතාම කළ බවක් පෙනී යන බවත් අදාළ දත්ත මැකීම පමණක් නොව, ඒ මැකුවේ කවර පුද්ගලයකුද යන්න දැනගැනීමට ඇති හැකියාව පවා ඉවත් කර ඇති බවත් සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ පසුපස පවතින ජාවාරම පිළිබඳ සොයාබැලිය යුතු බව අවධාරණයය කළේය.

මැකී ගිය දත්තවල තිබුණේ සංවේදී ඖෂධ තොරතුරු පමණක් නොව මුඛ ආවරණ, සිරුරු ආරක්ෂණ ආවරණ, සිරින්ජර් ආදිය ලබාදීම සඳහා වන ටෙන්ඩර් සම්බන්ධ දත්ත ද මෙමගින් මැකී ගොස් ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

වැඩිදුරටත් එහිදී මේ පිළිබද කරුණු හෙළිකළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා,

“මේක තමයි පට්ටපල් අමූලික ලැජ්ජ නැති බොරුව. ඔය ඩේටාවලටත් වෛරස් ගහනවා….NMRA දත්ත මකපු සිද්ධියට අල්ලගත්තේ ඒකේ CEOව. ‍මොකද ඒකේ පාස්වර්ඩ් එක තිබ්බේ 4 දෙනෙක් ළඟ නිසා. මේ දත්ත මකපු පුද්ගලයා එක පුද්ගලයෙක්. මාසෙකට කලින් අස්වීම දීපු කෙනාට ඔච්චර ඩේටා තියෙන එකක ඇක්සස් දුන්නේ කවුද? ඒ මිනිහා මොන මඟුලකටද අස්වීම දීලා යන්න යන කොම්පැනිය කොහෙද? අන්න එතනයි ගේම තියෙන්නේ. ඒ මිනිහා යන්න යන කොම්පැනිය තවත් Yes We Can කියලා මේගොල්ලන්ගේ එන්නේ කැම්පේන් එකක්. සර්ගේ යාලුවෙක්. නියෝජ්‍ය කතානායකතුමාගේ සර් නෙවෙයි. නියෝජ්‍ය කතානායකගේ සර් ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේනනේ. ඒ සර් නෙවෙයි අනිත් සර්. ලොකු සර්. ලොකු සර්ගේ යාලුවෙක්. එයා තමයි මං මේ ළඟදි දැක්කා රෑට ඉන්ජෙක්ෂන් ගහලා හෙට එළිවෙනකොට ලංකාව අලුත් විදියට එළිවෙනවා. ඒ කොම්පැනියට යන්න යන්නේ පොර.

ඔබතුමාලා හිතනවද මේවවා බොරුවට කරපු ඒවා කියලා. මෙයාලා කියනවා කිසිම දත්තයක් පිච්චුනේ නෑ කියලා. ගරු කතානායකතුමනි මෙන්න නීනිපති දෙපාර්තමේන්තුවට මේ වෝහාරික සීඅයිඩී එකෙන් දීපු කටඋත්තරේ. උසාවියට දීපු ලියුම…. ඒ සීඅයිඩීයෙන් කියනවා මේ දත්ත කෙනෙක් මකනවා නම් ඒක හොයාගන්න පුළුවන්. සීයඅඩිය කිව්ව කතාවේ තියෙනවා ඒක හොයන ක්‍රමයත් මකලලු. මම නෙවෙයි මේ කියන්නේ.

අපේ කාලේ නෙවෙයි මේක ඔන්ලයින් ගියේ. අපේ කාලේ මේක ට්‍රයල් පීරියඩ් එකක් ගියේ. මම ඕන වගකීමක් ගන්නවා ජයසුමන මහත්තයෝ. ජනවාරි 2020 තමයි ෆුලි ඔන්ලයින් ගියේ. එතකල් ගියේ ට්‍රයල් එකක්. මම දින පිටින් කියන්නම් හැමදේම… දන්න කෙපර කියන්න. ලැජ්ජයි. මේක තමයි ලොකුම ගේම ඊට වඩඩඩා කියන්න බෑ. අප්පිරියයි වෛරසය අපිට බෝවෙයි කියලා බයයි.

මේක මැකෙන්නේ ජුලි 9 වැනිදා. සීඅයිඩීයට යන්නේ ජුලි 23 වැනිදා. සති 2ක් යනකල් නඩුවක් දාන්නේ නෑ. මෙයාලා කියන්නේ බෙහෙත් ගැනනේ. නෑ නැතිවෙච්ච ටෙන්ඩර් ටික. පීපීඊ කිට්.ෆේස් මාස්ක්. සිරින්ජර් ආදිය ටෙන්ඩර් නම්. ඒ මිනිස්සුන්ට අංකත් නෑ. බිලියන 10ක ඒවා. මේ අහිංසක මිනිස්සු 12000 මැරෙනකොට ෆේස්මාක්ස් එකෙන් ගහගන්න පර ජාතියක් මේ. කොහොමද මේ බම්බු බොරු කියන්නේ. මේ රටට කොවිඩ් වෛරසයෙන් හම්බ කරපු උන් තමයි ලොකුම වෛරසය”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles