Sunday, May 19, 2024

කරන්ට් වදින සමුළු බිලක්…

විදුලි මණ්ඩලයේ නිලධරීන් පිරිසක් පහුගිය දවස්වල ඔස්ටි‍්‍රයාවේ වියනා නගරයට වැඩමුළුවකට ගියා. ඉංජිනේරුවන් දහයක් සහ ගණකාධිකාරීවරයකේ මේ පිරිසට අයත් වුණා. මේ වැඩමුළු ලංකාවේ වුණත් තියන්න පුළුවන් වුණාට මණ්ඩලේට ගොඩක් සල්ලි තියෙන හින්දා වියදම ප‍්‍රශ්නයක් නැහැයිලූ.

වැඩමුළුවේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් හැත්තෑහත් දහසක්. ඒ කියන්නේ ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ එකසිය දොළහක්.

එක නිලධරියකුට මේ ගමනට දීමනා ලෙස ඇමෙරිකානු ඩොලර් දෙදහස් පන්සීය ගාණේ හම්බවුණා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ හතළිහක් එකොළොස් දෙනාටම.

ගුවන් ටිකට් පතට රුපියල් එක්ලක්ෂ පනස්දහස ගාණේ වැය වුණා. එතෙන්ට ලක්ෂ දහසයක්. ගමනට සේරම වියදම ලක්ෂ එකසිය හැටඅටක්. ගමන් කළේ කටාර් ගුවන් සේවයේ යානයකින්.

මේකට යවපු නිලධාරීන් එකොළොස්දෙනාගෙන් තුන් දෙනෙක්ම ලබන වසරේ විශ‍්‍රාම යන්න ඉන්න අය. එහෙම අය යවන එක මණ්ඩලේටවත් වැඩක් තියෙනවද කියන එක ලොකු ප‍්‍රශ්නයක්.

ඒ විතර නෙවෙයි මේ වැඩමුළුව තියෙන්නේ නොවැම්බර් නව වැනිදා ඉඳලා දහතුන් වැනිදා වෙනකල්. ඒත් මේ අය ලංකාවෙන් ගියේ දෙවැනිදා. මේ දවස්වල මේ අය ඕස්ටි‍්‍රයාවේ හා ඒ අවට යුරෝපයේ රටවල හරි හරියට වැඩලූ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles