කසුන් පුතා මට හොඳට සලකනවා – එම්.එම් ජයවර්ධන

0
1140

කසුන් කල්හාර සහ තමන් එදා සිට අද දක්වාම ඇසුරුකරන්නේ මිතුරන් වශයෙන් බවත් කිසිඳු ලෙසකින් කසුන් තමන්ට සිදුකරන සැලකීමේ අඩුවක් සිදුකර නැති බව විශාරද එච්.එම් ජයවර්ධන ශූරීන් පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග පැවති සජීවී සංවාදයකදී නිවේදකයා විසින් යොමුකල සෘජු ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කලහ.

සමාජයේ සහ අන්තර්ජාලයේ දැඩි කතාබහට ලක්වෙමින් ඇති ප්‍ර‍වීන සංගීතවේදී එච්.එම් ජයවර්ධනයන්ට ඔහුගේ එකම පුත් ප්‍ර‍වීණ ගායක සහ සංගීතවේදී කසුන් කල්හාර නොසලකනවා සහ පරුෂ වචනයෙන් බැනවදිනවා යන්න පිළිබඳව බොහොමයක් ගොසිප් වෙබ් අඩවි සහ ෆේස්බුක් සමාජ ජාලයේ විවිධ පාර්ශව රැල්ලක් වශයෙන් ප්‍ර‍චාරය කෙරෙමින් පවතින වාතාවරණයක කසුන් කල්හාරට මෙන්ම එච්.එම් ජයවර්ධන ශූරීන්ටද දැඩි හිත්වේදනාවක් ඇතිකරන සිදුවීම් බවට පත්ව ඇත. එසේම මෙම කටකතා දිවංගත විශාරද මාලනී බුලත්සිංහ මැතිණියගේ නමටද කැලලක් ඇතිකරන සිදුවීමක් විය හැකි නිසාවෙන් මේ පිළිබඳ සෘජු පිළිතුරක් අපේක්ෂාවෙන් මෙම ප්‍ර‍ශ්නය යොමුකර ඇත.

“මගේ ලෙඩ රෝගවලට අදාල බෙහෙත් හේත්වලට විශාල මුදලක් යනවා..දැන් මම උපයන්නේ බොහොම අඩුවෙන් නිසා ඒ සියළුම වියදම් දරන්නෙත් කසුන් තමයි. එහෙමත් තියෙද්දි මේ වගේ කටකතා කිසිම පදනමක් නැතිව පැතිරීම ගැන මම බොහොම කණගාටු වෙනවා..ඒත් කසුන් සහ මම අතර තියන අවබෝධය නිසා ඒක අපිට ප්‍ර‍ශ්නයක් වෙලා නෑ“

සමාජ ජාල භාවිතය තුළින් ගුණාත්මක සමාජයක් බිහිකරනවා වෙනුවට ඒවා බොරු කටකතා පැතිරවීමට භාවිතා කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බව එතුමන් තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

 

එච්.එම් සහ මාලනී අතීතයේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here