Saturday, May 18, 2024

ෆොනී රෙදිත් නැතිව යූ.එන්.පී යට පනී

වරක් තමන්ගේ බල්ලාවත් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවට ගර්ජනා කල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තමන්ගේ පක්ෂයේ බෝඩ් ලැල්ලද ගලවාගෙන එ.ජා.ප ය සමගින් එක්වී ඇත.

සෘජුවම එක්සත් ජාතික පක්ෂයට එක්වීම ලැජ්ජාසහගත සිදුවීමක් බැවින් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂයේ බෝඩ් ලෑල්ල පෙන්වා එ.ජා.ප ය සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ආකාරයෙන් සිදුකරන්නේද සම්ප්‍ර‍දායික පැනිල්ලම බව කිවයුතුය. සරත් ෆොන්සේකා නම්වන ජනතාව පාර්ලිමේන්තුවට වෙත යැවීම ප්‍ර‍තික්ෂේපකල පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතවන්නේ එලෙසින්ය.

එසේම ලඟදීම ඔහුට රාජපක්ෂලා මට්ටු කලහැකි තරමේ ඇමැති පදවියක දිවුරුම් දීමටද නියමිත බව දැනගන්නට ලැබේ. හරීන් ප්‍ර‍නාන්දු අමාත්‍යවරයා මෙයට ප්‍ර‍සිද්ධියේම විරෝධය පලකලද රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයාගේ තීරණයක් බැවින් ඔහුට හකුලාගෙන පසුපසට වන්නට සිදුව ඇත. එසේම විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට සිදුව ඇත්තේද එම වින්නැහියමය.

එළඹෙන පළාත පාලන මැතිවරණයේදී ෆොන්සේකාගේ පක්ෂයේ සාමාජිකයන්ට එ.ජා.ප යෙන් නාම යෝජනා ලබාදීමට තීරණයවී ඇතත් බිම් මට්ටමේ එ.ජා.ප පාක්ෂිකයින් දැනටමත් මෙයට එරෙහිව අවි අමෝරා අවසන්ය.

(ජනරඟ දේවසුරේන්ද්‍ර‍)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles