ක්‍රිකට් ක්‍රීඩකයින් විශ්‍රාම යෑමෙිදී නම් අළුත් නීති 03ක්

0
331

ඊයේ (07) රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය හෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ජාතික තලය නියෝජනය කළ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මාස 03කට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම්දිය යුතු වනවා.

එමෙන්ම විදේශීය ෆ්‍රැන්චයිස් ලීගවලට ක්‍රීඩා කිරීම සඳහා ජාතික තලය නොයෝජනය කළ විශ්‍රාමික ක්‍රීඩකයින්ට අවසර හිමිවන්නේ විශ්‍රාම දිනයෙන් මාස හයක් සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයින්ට පමණයි.

මේ අතර විශ්‍රාමික ජාතික තලයේ ක්‍රීඩකයින් LPL වැනි දේශීය ලීග සඳහා සුදුසුකම් ලබන්නේ, ඔවුන් ලීගය පැවැත්වීමට පෙර වාරයේ පවත්වන ලද දේශීය ක්‍රිකට් තරගාවලි වල තරඟ වලින් 80% ක් ක්‍රීඩා කර ඇත්නම් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here