Saturday, January 11, 2025

ක්‍රිකටි ඉතිහාසය වෙනස් කරමින් අයර්ලන්තය පරදවා නැමීබියාව සුපිරි 12 වටයට

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරාඟාවලියේ එකොළොස්වන ජය වාර්තා කිරීමට නැමීබියාව සමත්විය.

කාසියේ වාසිය දිනු අයර්ලන්ත නායක Andy Balbirnie මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබාගත්හ.Paul Stirling ලකුණු 38ක්ද Kevin O’Brien ලකුණු 25ක්ද ලබාගත්හ. පන්දු යැවීමේදී Jan Frylinck කඩුලු 3ක්ද David Wiese කඩුලු 2ක්ද බිදහෙලිය.

පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ නැමීබියාව පන්දුවාර 18.3 අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී කඩඉම පහසුවෙන් පසුකරන ලදී. නායක Gerhard Erasmus නොදැවී ලකුණු 53 ක්ද David Wiese නොදැවී ලකුණු 28 ක්ද ලබාගනිමින් නැමීබියාව ජයග්‍රහණය කරා මෙහෙයවන ලදී. පන්දු යැවීමේදී Curtis Campher දැවීගිය කඩුලු 2 ම ලබාගන්නා ලදී. මේ අනුව තරග 2ක් ජය ගැනීමත් සමග B කාණ්ඩයෙන් සුපිරි 12 ට සුදුසුකම් ලැබීමට නැමීබියාව සමත්විය.

නැමීබියාව ප්‍රථම වරට ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට සහභාගී වූ අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන අයර්ලන්තයද පරදවමින් ලෝක කුසලාන සුපිරි 12 ට සුදුසුකම් ලැබීම සුවිශේෂීවේ. 


මෙම පරාජයත් සමග අයර්ලන්තය 2021 T 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.තරගයේ වීරයා සම්මානය පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දැක්වූ නැමීබියාවේ David Wiese ට හිමි විය.මේ අනුව B කාණ්ඩයෙන් ස්කොට්ලන්තය හා නැමීබියාව සුපිරි 12ට ගමන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles