ක්‍රීඩකයින් තිදෙනෙක් තරගාවලියෙන් ඉවතට

0
304

නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියටද ඇතුළත් කර නොගැනීමට ඔවුන් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ පියවර ගෙන තිබෙනවා.

මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරීක්ෂණ කමිටුව විසින් මෙම ක්‍රීඩකයන්ට නියම කළ රුපියල් කෝටිය බැගින් වූ දඩ මුදල ක්‍රිකට් ආයතනයට මෙතෙක් ගෙවා නොමැති වීමයි.

එංගලන්ත සංචාරයේදී ජීව බුබුල බිඳිමින් අයාලේ යෑමට වරදකරුවන් වී වසරක තරඟ තහනමකට ලක්වූ මොවුනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම දඩ මුදල පවරනු ලැබුවා.

මොවුන් තිදෙනා දෙසැම්බරයේ පැවැත්වෙන LPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් මෙම තරඟ වලට සහභාගි වීමට බලාපොරොත්තු වුවද ක්‍රිකට් ආයතනය විසින් එයට අවසරය ලබා දී නොමැති බව සඳහන්.

විචාරකයින් පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි තරුණ ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කිරීම හේතුවෙන් මොවුන්ට නැවත කණ්ඩායම ඒම පහසු නොවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here