Saturday, May 18, 2024

කාබනික පොහොර නිෂ්පාදනය කරන නවගොවි ව්‍යවසායකයින් බිහිකළ යුතුයි – චමල් රාජපක්ෂ

කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා ප්‍රාදේශීය මට්ටමෙන් නවගොවි ව්‍යවසායකයින් බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවශ්‍ය බව අමත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

කාබනික පොහොර සදහා ගොවි ජනතාව හුරු කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් නිර්මාණය කළ යුතු බව අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දුන්නා.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ රාජකාරී මට්ටමින් පවතින ගැටලු සොයා බලා ඊට විසදුම් ලබා දීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ගැටලු විසදීම ඉතා වැදගත් වන බවයි චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ .

මෙම අවස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල්ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles