Thursday, May 16, 2024

කිරිපිටි මිල වැඩිවේ?

ආනයනික කිරිපිටි බද්ද ඉහළ නැංවීම හරහා මෙරට වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ නැංවිය යුතුදැයි ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ආනයනික කිරි පිටි සදහා බදු ඉහළ දැමුවද එම කිරි පිටි මිල වැඩි කරන්නේ නැතැයි කිරි පිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

ලෝක වෙළඳ පොළේ කිරි පිටි මිල මේ වනවිට තරමක් අඩු වී ඇති බවත් ආනයන කිරි පිටි තොග අවශ්‍ය තරම් තිබෙන බවත් එම නිසා ආනයනික කිරි පිටි මිල දැන්ම වැඩි කිරීමට අවශ්‍ය නොවන බවද සංගමයේ නිලධාරියකු කීහ.

ඔවුන් සඳහන් කළේ නව බදු වැඩි කිරීම හරහා කිරිපිටි කිලෝවක් සඳහා වන සමස්ත බදු මුදල රුපියල් 672ක් දක්වා ඉහළ යන බවයි.

රජය ඉකුත් 22දා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන කිරිපිටි සදහා වන වරාය හා ගුවන් තොටුපොළ බද්ද සියයට දහයකින් වැඩි කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles