කුඩු රෝෂාන් ඇතුළු 11 ක් අත්අඩංගුවට

0
323

මට්ටක්කුලිය සම්ත්පුර ප්‍රදේශයේදී සිදුවූ ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන කුඩු රෝෂාන් නමැත්තා ඇතුළු 11 දෙනෙකු ඊයේ (25දා) රාත්‍රියේ රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ කොට්ඨාසය පවසයි.

සිදුවූ වෙඩි තැබීමෙන් චුටි උක්කුන් හෙවත් ‘කුඩු චුටි’ ඇතුළු හතර දෙනෙක් මරණයට පත්වූහ. තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගිය මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රත්නපුර ප්‍රදේශයේදීය. සැකකරුවන් සතුව තිබී ටී-56 ගිනි අවියක් හා පිස්තෝල දෙකක්ද සොයාගෙන  තිබේ.

ඝාතන සිද්ධින් දෙකක් මුල් කරගනිමින් මෙම සිද්ධිය සිදුව තිබෙන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here