Thursday, May 2, 2024

මාළිගාව ඉදිරියේ පාර අරින්නේ නෑ : ට්‍රැෆික් විසඳන්න උමඟක්

මහනුවර ශ‍්‍ර‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය යළි විවෘත විවෘත නොකරන අතර මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරිමට ගැටෙ`ඹී සිට තැන්නේකුඔුර දක්වා උමංමාර්ගයක් ඉදිකරන බවත් එය වසර දෙකකින් අවසන් කිරිමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මහනුවර උසස් බාලිකා විදුහලේ ඊයේ (24) පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍ය වරයා එසේ සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා සඳහන් කළේ මෙරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව තැනු  ඡාතික ආණ්ඩුව මගින් මේ  රටේ ඡනතාවගේ නොවිසදුණු ප‍්‍රශ්ණ විසදීමට කටයුතු කරව බවයි. ප‍්‍රඡාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු වු සමාඡයක් අද රටේ නිර්මාණය වී ඇති බවද අමාත්‍යවරයා පැවසිය. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා කාන්තා නියෝඡනය වැඩි වශයෙන් බලාපොරොත්තු වන බවත් අද බොහෝ කාන්තාවන් මැතිවරණයට ඉදරිපත් වීමට මැලි කමක් දක්වන බවත් අමාත්‍යවරයා කීය. කන්තාවන්ට මැතිවරණයකට ඉදිරිපත්වී දේශපාලන කටයුතු සිදු කිරිම එතරම් පහසු දෙයක් නොවන නිසා  ඒ සඳහා යම් ක‍්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍ය වරයා කීය. පක්ෂ වලින් නිර්දේශ කරන කාන්තාවන් මැතිවරණයකට ඉදිරිපත් නොවී පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබන ක‍්‍රමවේදයක් සකස් කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන බවද අමාත්‍ය වරයා සඳහන් කළේය.
මෙම රඡය බලයට පත් වීමත් සමග රටේ සංවර්ධනයට විදේශ රටවල් ගනනාවක් කැමැත්ත පල කර ඇතැයි අමාත්‍ය වරයා සඳහන් කළේය. ඒ යටතේ මහනුවර නගරය විධිමත්ව සංවර්ධනය කිරිමට කටයුතු කරන බවත් 2018 වසරේ දී මහනුවර සහ තැන්නේකුඔුර නගරය දක්වා ඉදිවන  උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසිය. පසුගිය රඡය සමයේ දේශපාලන අරමුණු මත සිදුකළ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ඡනතාව අතරට  ගලා නොගිය බවත් නව රඡය විසින් සිදුකරන සංවර්ධන කටයුතු දේශපාලන අරමුණු වළින් තොර රටේම ඡනතාවගේ යහපත වෙනුවෙන් සිදුකරන ඒවා බවද පැවසිය.
මේ රට තුළ ඡීවත් වන සියලූ දෙනා ඡාති ආගම් කුළ සහ දේශපාලන වශයෙන් බෙදී කටයුතු කරන්නේ නම් රටක් සංවර්ධනය කිරිමට හැකියාවක් නැතැයිද අමාත්‍ය වරයා පැවසිය. එම නිසා සියලූ දෙනා එකට එක්ව අත්වැල් බැඳගන්නේ නම් රට සංවර්ධනය කිරිමට මෙන්ම රටේ සියලූ දෙනාටම සාමයෙන් සමගියෙන් ඡීවත් විය හැකි බවද අමාත්‍ය වරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට එම විදුහලේ විදුහල්පතිනිය සහ ආචාර්්‍ය මණ්ඩලයත් සිසු දැරියන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles