Saturday, May 18, 2024

කුපාඩිකම් කරන ඇමතිලගෙ වැඩ ඉවසන්න බෑ – පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පාදුක්ක ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඔහු සඳහන් කරන්නේ තමන් එම ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි.

ගාමිණි ලොකුගේ සහ සරත් වීරසේකර අමාත්‍යවරුන්ගේ ක්‍රියා හේතුවෙන් ඇතිවූ කලකිරීම් මත තමන් මෙම තීරණය ගත් බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් ජගත් කුමාර මහතා දැනුම් දුන්නේ.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ධුරයට ඇමති ලොකුගේට හිතවත් අයෙක් පත් කර තමනට කෙනෙහිලිකම් කල බවත් ඔහු චෝදනා කරයි.

ඇතිව තිබෙන තත්වය මත තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් අස් වන බව ද ඔහු පැවසීය.

පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිධූරයේ තවදුරටත් කටයුතු කළහොත් තම ජීවිතයටද අනතුරක් විය හැකි තත්වයක් ඇති විය හැකි බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“පාදුක්ක කොට්ඨාසයෙ පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරලා ගාමිණී ලොකුගේට හිතවත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් දාගෙන. පහුගිය දින කීපයක් තිස්සේ විෂය භාර සරත් වීරසේකර අමාත්‍යවරයාට දිගින් දිගටම කිව්වා මේ කුපාඩි වැඩේ කරන්න එපා කියලා.“

“මේ කොට්ඨාසයේ වැඩ කරන්නෙ මම. ස්වාධීන පොලිස් ස්ථානාධිපතිවරයෙක් හිටියා නම් අපට වැඩ කරන්න පුලුවන්. පොලිසිය දේශපාලන අතකොළුවක් වුණ පුද්ගලයෙකුට බාර දුන්නහම අපේ ආරක්ෂාව දෙයියන්ට තමයි බාර දෙන්න වෙන්නෙ. “

“සරත් වීරසේකර ඇමතිතුමා පහුගිය දිනවල උද්ඝෝෂණ වෙලාවෙ හතර ගාතෙන් අපේ හාමුරුවරු වඩම්මගෙන යනකොට ඒ අශීලාචාර වැඩේ කරලා ආණ්ඩුවට චෝදනාවක් එන විදිහට වැඩ කළාම මම ඒකට විරුද්ධව කතා කළා.“

“ඒ සිද්ධියට එතුමත් මාත් එක්ක යම්කිසි පටලැවිල්ලක් හදාගෙන ගාමිණි ලොකුගේ එක්ක එකතුවෙලා එතුමලා විසින් හසුරුවන දේශපාලන අතකොළුවක් පාදුක්ක පොලිසියට දාලා තියනවා.“

“මේ කොට්ඨාසයේ වැඩ කරනවා කියන්නෙ මගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳවත් ප්‍රශ්නයක්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මම පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපතිකමින් ඉවත් වෙනවා. මේ වගේ කුපාඩි වැඩ කරන ඇමතිවරු කීපදෙනෙක් එක්ක ඉවසලා වැඩ කරන්න අපට බෑ කියලා.“

“මේ ගැන මම අතිගරු ජනාධිපති තුමාට පිටු තුනකින් ලිපියක් ලියලා තියනවා. ආණ්ඩුවෙ ගොංකම් කරන ඇමතිවරුන්ට විරුද්ධව ඇතුලෙන් නැගී සිටීමක් මේ කරන්නෙ. “

“පොලිසිය භාර ඇමතිතුමා බලනවා දිස්ත්‍රික්කය ඇතුළෙම තමන්ට හිතවත් පොලිස් නිලධාරීන් දාගෙන ඒ අයව මෙහෙයවලා ඊලඟ ඡන්දෙත් වැඩියෙන් දිනන්න. ඊගාව ඡන්දෙනම් එහෙම එන්නෙ නෑ කියලා දිස්ත්‍රික්කයේ මිනිස්සු කියනවා. “ යැයි මන්ත්‍රීවරයා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles