Sunday, May 19, 2024

කුඹුරක් තමාගේ නමට ලියා නොදුන්නැයි කියා වැලිගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක් සිය මවිපියන්ට පහර දෙයි

කුඹුරක් ලියා නොදුන්නැයි කියා වැලිගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක් සිය මවට සහ පියාට පහරදුන් බව කියන සිද්ධියක් පිළිබඳව වැලිගම පොලිසිය පරීක්ෂණයක් පවත්වයි. මෙම පහරදීමට ලක්වූ පියා දැනට අහංගම රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අම්මා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබති. කාලයක් තිස්සේ පවතින ආරවුලක් මූලික කරගෙන මෙම පරදීම සිදුව ඇතැයි සඳහන් වේ.

මෙම සිද්ධිය පිළිබඳව වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඞී.එම්. අබේසේකර මහතාගෙන් කරන ලද විමසීමේදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් විමර්ශනයක් සිදු කරන බවත් මව්පිය දෙපලට පහරදීම් සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය. මේ පිළිබඳ පවුලේ දරුවන් විසින් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසියට පැමිණිලි කළද මෙතෙක් ඊට සාධාරණයක් ඉටුව නොමැති බව බාල සොහොයුරු නිරේෂ් ක්‍රිෂාන්ත චෝදනා කරයි.

මේ අතර පහරදීම සිදුවන අවස්ථාව නිරේෂ්ගේ දරුවා විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles