Sunday, May 19, 2024

කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (10) පැවැත්වේ.

තරඟය නෝර්ත් සවුන්ඩ් හිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කිරාන් පොලාඩ් හට හිමිව තිබේ.

දෙරට අතර පැවති 20යි 20 තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් සහභාගීවන රෝඩ් සේෆ්ටි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වේ.

ඒ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමගය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles