Monday, May 20, 2024

කොවිඩි මර්දනයට තුන්වන මාත්‍රාවක් ගැන ඉඟියක්

කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සඳහා තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳව අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.

මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“මෙවැනි වෛරස් බොහොමයකට වාර්ෂිකව එන්නත් කිරීම මේ දක්වා කරගෙන ගිය සාමාන්‍ය ක්‍රමවේදය. ඒ නිසා මේ අලුත් වෛරසයටත් එවැනි එන්නත් කිරීමක් විද්‍යානුකූලව සලකලා බැලුවොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ලැබිලා තිබෙන තොරතුරු අනුව බොහෝ රටවල් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම හෝ වාර්ෂිකව අමතර මාත්‍රාවක් ලබාදීම සලකලා බලනවා. ලංකාවෙත් ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම තමයි. ලැබෙන දත්ත අනුව ඉදිරියේදී ඒ කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති වුණොත් ඒකට සූදානම්වීම වැදගත් වෙනවා.”

Share Button

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles