ගතවූ මාස 06 තුළ ඩෙංගු රෝගීන් 20462 ක්..

0
378

2016 වර්ෂයේ ගත වූ මාස 6 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 20462ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

අයි.ඩි.එච් උණ රෝහල,ජාතික රෝහල, දකුණු ළඹ ශික්ෂණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල,මිගමුව හා ගම්පහ යන රෝහල්වල වැඩි වශයෙන් රෝගීන් දක්නට ලැබේ.

ඔවුන්ට අවශ්‍ය සියළුම ඖෂධ වෛද්‍ය උපකරණ, කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා අදාළ අංශ වෙත නියෝග කරන ලදි.

තව ද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ නියෝජිතයින් ඒකාබද්ධ කර ගනිමින් කසළ ඉවත් කිරීෙමි වැඩසටහන් දියත්කිරීමට ද පියවර ගෙන ඇති අතර, පළාත් පාලන  අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් අවදානම් දිස්ත‍්‍රීක්ක 05 තුළ පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීම් පැවැත්වීමට ද නියමිතය.මෙහිදී කසල ඉවත් කිරීමේ කටයුතු විධිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරේ.

මේ  අතර ඉදිකිරීම් කලාප සහ පාසල්වල ද මදුරු කීටයින් බෝවන ස්ථාන සෙවීම කීට විද්‍යා පාසලේ නිලධාරීන් සහ සිසුන් විසින් පසුගියදා ආරම්භ කරන ලදි.අවධානම් දිස්ත‍්‍රීක්කවල ධූමායන කටයුතු සිදු කිරීම ද අඛණ්ඩව ක‍්‍රියාත්මකයි. මේ වනවිට    කොළඹ  දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6328 ක් සහ මරණ 11 ක් වාර්තා වී ඇති බවත්, ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1983 ක් සහ මරණ 04 ක් ද  කළුතර දිස්ත‍්‍රීක්කයෙන් රෝගීන් 1253 ක් සහ මරණ 05 ක් , මහනුවර දිස්ත‍්‍රීක්කයෙන් රෝගීන් 1278 ක් සහ මරණ 05 ක් ද, යාපනයෙන් රෝගීන් 1301 ක් ද   කුරුණෑගලින් රෝගීන් 1030 ක් ද පුත්තලමෙන් රෝගීන් 616 ක් සහ මරණ 03 ක් ද   රත්නපුර දිස්ත‍්‍රීක්කයෙන් රෝගීන් 1255 ක් ද කෑගල්ලෙන් රෝගීන් 705 ක් ද මාතරින් රෝගීන් 473 වශයෙන් රෝගීන් වන බව ඩෙංගු මර්දන ඒකකය වාර්තා පෙන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here