Sunday, May 19, 2024

මෙන්න රටම බලාසිටි නව මහ බැංකු අධිපති..

ශ්‍රීලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ප්‍රකට ආර්ථික විශේෂයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ජනපතිගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ සියලු පාර්ශවවල එකඟතාවයෙන් තමන් මහබැංකු අධිපති තනතුරට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කළ බවයි.

එකී තනතුරට එහි නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ, ප්‍රවීණ ප්‍රාග්ධන වෙළඳපොළ විශේෂඥයෙකු වූ මහාචාර්ය ලලිත් සමරකෝන් හා හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ යන අයගේ ද නම් යෝජනා වී තිබු බවක්ද වාර්තා විය.

මේ අතර ජපානයේ නිල සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දිවයිනට පැමිණි පසු ඔහුගේ ද නිර්දේශ  සැලකිල්ලට ගෙන නව මහබැංකු අධිපතිවරයා පත්කරන වගක්ද ඊයේ ‍රජයේ ආරංචි මාර්ග අනාවරණය කර තිබිණ.

කෙසේ වුවද සියලු පාර්ශවවල එකඟතාවයෙන් ජනාධිපතිවරයා ආනන්ද කුමාරස්වාමි මහතා එම තනතුරට පත්කර ඇත.

ශ්‍රී ලංකා මහබැංකුව සඳහා නව අධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධ සිද්ධිය පසුගිය දින කිහිපයේදී ආන්දෝලනාත්මක කතා බහක් මතුව තිබුණි.

ඊට හේතුවූයේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට බැඳුම්කර අලෙවිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමයි.

ඒ අනූව අර්ජුන  මහේන්ද්‍රන් මහතාගේ වසරක සේවා කාලය පෙරේදා (30) අවසන්වීමත්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා නිසාත්, ඔහුට සේවා දිගුවක් ලබානොදීමට රජය පසුගියදා තීරණය කළේය.

එසේම ඔහු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලින් පසු එම තනතුරට යළි පත්කරනවාද නැද්ද යන්න තීරණය කරන බව අගමැතිවරයා ප්‍රකාශ කළ බවක්ද පුරවැසිබලය සංවිධානය විසින් පවසා තිබුණි.

පසුගියදා එම සංවිධානය පවසා සිටියේ අදාළ කාරණය ගැන අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී චෝදනා සම්බන්ධ පරීක්ෂණ නිමවනතුරු අර්ජුන මහේන්ද්‍රන්ට සේවා දිගුවක් නොදීමට රජය තීරණය කර ඇතැයි එහිදී ප්‍රකාශ වූ බවය.

ඉකුත් වසරේ පෙබරවාරී හා මැයි අතර කාලයේදී මහබැංකුවේ බැඳුම්කර නිකුතුවේදී අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා සිය බෑණාගේ මූල්‍ය සමාගමකට වාසිදායක වන පරිදි රහස්‍ය තොරතුරු ලබාදුන් බවට චෝදනා එල්ල විය.

ඒකාබද්ධ විපක්ෂය,  සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති අදාළ සිද්ධිය ගැන දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කළ අතර ඒ අනූව ඔහු සම්බන්ධයෙන් කෝප් කමිටුව ද විමර්ශනයක් ඇරඹීය.

මෙම වාතාවරණය යටතේ අදාළ සිද්ධිය පාදක කර ගනිමින් විගණකාධිපතිවරයා විසින් සැකසූ වාර්තාවද පසුගියදා කෝප් කමිටුව වෙත බාරදීමෙන් පසු එහි සවිස්තාරාත්මක වාර්තාවක්ද  කථානායකවරයා වෙත බාරදී තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles