Thursday, January 23, 2025

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා ධාවන ඉසවිවෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2021 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 1500 සහ මිටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් නව ශ්‍රි ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න 2021 ඔක්තෝබර් මස 30 සහ අද (2021 ඔක්තෝබර් මස 31) සමත් විය.

ඒ අනුව, 99 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී, මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 4 තත්පර 9.12 කින් (4:9.12) විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින්, එම ධාවන ඉසව්වේ නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාව 2019 වසරේ පිහිටුවා තිබූ විනාඩි 4 තත්පර 15.86 ක පෙර වාර්තාව (4:15.86) අභිබවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට ගයන්තිකා අබේරත්න සමත් විය.

එමෙන්ම, අද උදෑසන (2021 ඔක්තෝබර් මස 31) මිටර 5000 කාන්තා ධාවන ඉසව්ව ඇය විනාඩි 15 තත්පර 55.84 කින් (15:55.84) ජයග්‍රහණය කරමින් එම ධාවන ඉසව්වේ නිලානි රත්නායක ක්‍රීඩිකාව 2019 වසරේ පිහිටුවා තිබූ විනාඩි 16 තත්පර 17.82 ක පෙර වාර්තාව (16:17.82) අභිබවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles