Friday, May 17, 2024

ගයාත්‍රිගේ රහස

උත්සව අවස්ථාවකට හුඟාක් උත්සව තියෙන්නේ රාත්‍රියට. විලාසිතා ලෝකය පිළිගත් රාත්‍රී කාලයට ගැළපෙනම විලාසිතාව තමයි ගවුම. ඒ කොහොමවුණත් රාත්‍රී උත්සවවලට මම අඳින්න කැමතිත් ගවුමම තමයි. දණ හිස ළඟට, දණහිසින් ටිකක් උඩට, දිගට මේ කොයිවිදියටත් කාලෙන් කාලටෙ විවිධ විදියට ගවුම් අඳිනවා.
කැමතිම ඇඳුම
කැමතිම ඇඳුම සාරිය. ඒත් පසුගිය කා‍ලේ මම ටිකක් මහත් වුණ නිසා සාරිය මට නොගැළපෙයි කියලා හිතුණා. ඒ නිසා සාරියෙන් ටිකක් ඈත් වුණා.
සැලෝන් එකට
මෙතනදී මම පහසුව ගැන හිතනවා. දිග කලිසමට හරි සායට හරි කමිස විලාසිතාවක් තෝරා ගන්නවා. මම කමිස විලාසිතාවටත් හුඟක් කැමතියි. මෙතනදී පාට ගැනත් හිතනවා. කළු පාටට හුරු ඇඳුම් තමයි වැඩිපුර අඳින්නේ.
ගමනට බිමනට
සැහැල්ලු ටයිට් ස්කර්ට් සහ කමිස තමයි වැඩිපුර අඳින්නේ. කාලයක් මම ඩෙනිම් කලිසම්ම ඇන්දා. දැන්නම් ඒක ටිකක් මගඇරිලා.
ආභරණ
තැනේ හැටියට ආභරණ නොපළඳිනව නමෛයි. ඒත් ඔරලෝසුව ඇරෙන්න වෙනකිසිම ආභරණයකට කැමති නෑ.
ඔරලෝසු
මට ලොකු ඔරලෝසු එකතුවක් තියෙනවා. මයිකල් ක්ලෝත්, යුනික් වගේ බ්‍රෑන්ඩ් වලට කැමතියි. කැමතිම ගෝල්ඩ් පැහැති ඔරලෝසුවලට. ඔරලෝසු, හෑන්ඩ් බෑග්, සපත්තු ගත්තම කැමතිම ර්ඪජඩචඥත ඬධපඵ රේන්ජ් එකට කැමතියි. අධතඥය, ට්ම්ව්ක මම පාවිච්චි කරන අනිත් වර්ග.
සපත්තු
විවිධ වර්ගයේ, වර්ණයේ සපත්තු තියනවා. සපත්තුවලදී හිතට හරි යනවා නම් බ්‍රෑන්ඩ් එක නම් බලන්නෙත් නැති තරම්.
හෑන්ඩ් බෑග්
සමහර අයට වදයක් වුණාට මට නම් විලාසිතාවලදී නැතුවම බැරි දෙයක්. උත්සවවලදීත් මම ගැළපෙන විදියට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා.
සුවඳ විලවුන්
ඛිධජධ ඛිඩචදඥත, ඹ්චඤර ථඪතතඪධද, ට්ම්ව්ක, ඩ්භදඨධ, 212  මම කැමතිම වර්ගයේ සුවඳ විලවුන් තමයි.
කොණ්ඩා මෝස්තර
වැඩි තැනක් දෙන්නෙම නැති දෙයක්. මට තියෙන්නෙ කඩා හැලෙන කොණ්ඩයක්. වැඩිම වුණොත් ටිකක් කර්ල් කරනවා.
ලිප්ස් ටික්ස්
නියුඩ් කලර්ස්  තමයි වැඩිපුරම භාවිත කරන්නේ. බ්‍රෑන්ඩ් එක නම් ර්ඒඛි. කැමතිම පාට රූබි රෙඩ් සහ හොට් පින්ක් .

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles