ගොවීන්ට නිසියාකාරව ඉන්ධන නොලැබෙයි…

0
381
oil price

සිපෙට්කෝ සමාගම විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක් රු. 253 කින් ඉහළ නංවා ඇත.  ඒ අනුව භුමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ. ධීවර සහ අනෙකුත් ගෘහාශ්‍රිත නිෂ්පාදන වල මිල ගණං මේ අනුව ඉහළ යා හැකි බව පෙන්නුම් කරයි.

ඒ අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අස්වනු නෙලීමේ කටයුතු සඳහා අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණවත්ව නොලැබෙන බවට ගොවීන්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here