ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (19) සමත් වුණි.
ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 64 කින් පරාජයට පත් කරමිනි.
කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වූ අවසන් පූර්ව වටයෙ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 188කි.
කුසල් මෙන්ඩිස් ලකුණු 85යි.
දනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස්කරගනු ලැබුවා.
ලකුණු 189 ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 5ක් කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි.
නුවන් තුෂාර ලකුණු 13කට කඩුළු 5යි.
ඒ අනුව ලකුනු 64කින් තරඟයේ ජය හිමිකර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එල් පී එල් අවසන් මහා තරඟයට සුදුකම් ලබා ගත්තා
මෙම තරඟයෙන් පරාජයට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හෙට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව අවසන් වටයේ තුන්වන තරඟය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඉන් ජයගනු ලබන කණ්ඩායම එළඹෙන බ්‍රහස්පතින්දා අවසන් මහා තරඟයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග තරඟ වදිනු ඇති.