Saturday, September 21, 2024

චිරාගතව පැවත එන පෙරහැර සංස්කෘති වෙනස් කරන්න එපා – ජනපති

හීලෑ අලි ඇතුන් පිළිබඳව මතුව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

චිරාගතව පැවත එන පෙරහැර සංස්කෘතිය සඳහා ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ ඔස්සේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස අධිකරණ නියෝග මත දැනට වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටින හීලෑ අලි ඇතුන් වන ජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීම අදාළ නීතිමය තත්ත්වයන් යටතේ පෙරහැර සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර අනුගමනය කළ හැකි දිගු කාලීන වැඩසටහන් රැසක් පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

මීට අමතරව වෙනත් කර්මාන්තයන් සඳහා යොදවා ඇති හීලෑ අලි ඇතුන් පෙරහැර කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව ද අවධානයට ලක් විය.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් එස්.පී.බී. මීගස්මුල්ල යන මහත්වරුන් ද ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල බස් නායක නිළමේවරුන් ද සාකච්ඡාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles