චීනයෙන් යුවාන් බිලියන 02 ක් එනම් රුපියල් බිලියන 61 යි දසම 5 ක ණය මුදලක් ගැනීමේ එකගතාවකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා තිබෙනවා.
චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතරයි ඊට අත්සන් තබා ඇත්තේ.
කොවිඩ් ප්‍රතිචාර දැක්වීම් / ආර්ථික ප්‍රවර්ධනය / මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවන තත්වය නගා සිටුවීමට අදාළ පියවර වෙනුවෙන් මෙම මුදල් යෙදවිමට නියමිතයි.