මධ්‍යම චීන නගරයක් වන අන්යැන්ග් හී පනවා ඇති අගුලු දැමීම් එක්සත් ජනපදය අධීක්ෂණය කරමින් සිටින අතර එයචීන වෙළඳපොළට හුදකලා බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බව තක්සේරු කරන බව එක්සත් ජනපද ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ බ්‍රයන් ඩීස් ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
“චීනය සම්බන්ධයෙන් විශේෂයෙන් සහ වර්තමාන මොහොත සම්බන්ධයෙන් අපි එය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු. අද අපි ගැටලුව තක්සේරු කරන විට, අගුලු දැමීම් නිසා චීනයේ හුදකලා බලපෑමක් ඇති කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මන්ද එම භූගෝලීය ප්‍රදේශවල නිෂ්පාදන පහසුකම් සලසන ප්‍රධාන සැපයුම්කරුවන් වන්නේ චීන වෙළඳපොළ බැවිනි.” ඩීස් බදාදා(12) පැවසීය.
මිලියන 5 කට අධික ජනගහනයක් සිටින නගරයේ ඔමික්‍රොන් කොවිඩ්-19 ප්‍රභේද මතුවීමත් සමඟ චීන රජය හෙනාන් පළාතේ අන්යැන්ග් හි අගුලු දැමීම් සිදු කළේය