Thursday, May 16, 2024

චීන්නු අදිමදි කරද්දි ජපනුන් පෙරට…

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පළමු යෝජනාව ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පුද්ගලික ණය හිමියන් විසින් මෙරට බලධාරීන් වෙත යොමුකර ඇතැයි වාර්තා වනවා. ඔවුන් සතු බැදුම්කරවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 12 කට අධික බවයි වාර්තා වන්නේ.

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ සිය සැලැස්ම ප්‍රකාශයට පත්කර තිබුනා. ඒ, ඇමරිකාවේ වොෂිංටන්හි පැවැත්වෙන ස්ප්‍රිං සමුළුවට සමගාමීවයි.

මෙහිදී චීනය ඍජු සහයෝගයක් ඊට නොදැක්වූ අතර පසුව ඒ් පිළිබඳව ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළා.

ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ඉතා උනන්දුවෙන් පසු වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය හෙවත් ජයිකා ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප ප්‍රධානි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසන්නීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග වොෂිංටන්හි පැවති හමුවකදි ඇය මේ බව සඳහන් කළ බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජයිකා ආයතනයේ කැපවීම එහිදී ඉමොටෝ සචිකෝ මහත්මිය විසින් යළිත් වරක් අවධාරණය කර තිබේ.

මෙහිදී ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය කෙන්තාරෝ ඔගාටා මහතා ද හමුවී ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට සහයවීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතාව ඔහු යළිත් තහවුරු කර ඇති බව සඳහන්ය.

වොෂිංටන්හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ස්ප්‍රිං රැස්විම අතර තුර ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා එම සාකච්ඡා සඳහා සහභාගි වී තිබේ.

මීට අමතරව සිය සංචාරය අතර තුර ශ්‍රී ලංකාවට වැදගත් ද්වීපාර්ශවික සාකච්ඡා රැසකට සහභාගි වීමට හැකි වු බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරාගමන ක්‍රියාවලිය හා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරගැනීමට මෙහිදි සිදුකළ සාකච්ඡා පිටිවහලක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles