Saturday, May 18, 2024

ජනපතිගේ අලියා ඉන්න තැන රාජ්‍ය ඇමති හෙළි කරයි

මතභේදයට තුඩු දී ඇති ජනපතිවරයා සතු අලියා පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. එම හෙළිදරව්ව කළේ විෂය භාර වන ජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින්. මිරිහානේ එන්.ජී.රාජපක්ෂ නමට නිදහස් කල අලියා 2015 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට ප්‍රදානයකින් ලැබුණු අලියකු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම අලියා මේ වන විට සිටින්නේ ජනපතිවරයාගේ මිරිහානේ නිවසේ නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණයෙන් බවත් නම් කළ පුද්ගලයන්ට අලි ලබා දෙන්නැයි කිසිවිට ඉල්ලීමක් නොකළ බවත් ඇමැතිවරයා කියයි.

කෙසේ වෙතත් ‘චරක’ නම් එම හස්තියා ජනාධිපතිවරයාගේ මිරිහාන ගෙදරට ගෙන නොගිය බවත් දෙනියායේ පන්සලකට එම හස්තියා රැගෙන ගොස් ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles