Saturday, April 27, 2024

ජනපතිවරණය ලඟයි! විදුලිය හා තෙල් මිල ටිකක් අඩුවෙයි….

ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල ඊයේ (4) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක්, ලංකා සුපර් ඩීසල්  ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතින බවත්  එම සංස්ථාව කීය.

ඒ අතරම, විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ඊයේ (4) පස්වරුවේ පැවසීය.

එම විදුලි ගාස්තු සංශෝධනය ද ඊයේ (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මෙම ගාස්තු සංශෝධනයේදී අඩුම ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලෙස සැළකෙන කාණ්ඩයට වැඩිම සහනය දුන් බවත් සභාපතිවරයා කීය.  

එම ගාස්තු සංශෝධනයේදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ ගාස්තුව සියයට 33 කින්, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 28 කින්, ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 30 කින්, ඒකක 91ත් 180ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24 කින් සහ ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩය ගාස්තුව සියයට 18 කින් අඩු කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය.

Related Articles

Latest Articles