ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති හමුවෙයි

0
312

ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් (HH Shaikh Maktoum bin Mohammed bin Rashid Al Maktoum) මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04) පස්වරුවේ ඩුබායි හි එක්ස්පෝ -2020 (EXPO – 2020) ප්‍රදර්ශන භූමියේ දී සිදුවිය.

දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයන් දෙපළ මෙහිදී සඳහන් කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50වන ජාතික දින සැමරුම වෙනුවෙන් සුබ පැතීමට ද ජනාධිපතිවරයා මෙම හමුව අවස්ථාවක් කර ගත්තා.

කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා විසින් ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර සිටියා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාවය ලොවට රැගෙන යාමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වන බව පැවසූ ජනාධිපතිවරයා ඊට අවස්ථාව ලබා දෙමින් දැක්වූ සහායට ස්තූතිය පිරිනම්මනට ද අමතක කළේ නැහැ.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව “එක්ස්පෝ 2020” ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එහිදී එක් වුණා.

එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නරඹමින් සිටිය අවස්ථාවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක ෂෙයින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් හමුවීම ද විශේෂ සිදුවීමක් වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here