Saturday, April 27, 2024

කෙසෙල්වත්තේදී ඝාතනයක් සිදුවෙයි

තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් පැමිණි පිරිසක් කෙසෙල්වත්ත පරණ යෝන් විදිය ප්‍රදේශයේ දී “කෙසෙල්වත්තේ පවාස් නැමැති පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබෙි.



පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇති බවයි.

ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයා මීට පෙර මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඝාතනයට ලක්වු පුද්ගලයා වයස අවුරුදු තිස් දෙකකි.

සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles