Saturday, May 18, 2024

ජැෆ්නා ස්ටැලියන්ස් නමත් වෙනස් වෙයි.LPL ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නව හිමිකරු ලයිකා සභාපති අලිරාජා සුභාස්කරන්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ප්‍රථම අදියර ජයගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකරු වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව එම කණ්ඩායමේ නව හිමිකරු ලෙස තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වු අලිරාජා සුබාස්කරන්ය. මොහු විසින් මින්පෙර ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයත් මිලට ගත්තේය. අලිරාජා සුභාස්කරන් ශ්‍රී ලංකාවේ උපන් දමි ල ජාතිකයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස් පෝ රාව නියෝජනය කරයි.

මොහු ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස දෙවන තරග වාරයට යාපනය කිංග්ස් හි හිමිකාරීත්වය ලබා ඇත.

මේ අනුව ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ කණ්ඩායමේ නම ‘ජැෆ්නා කිංග්ස්’ ලෙසින් කණ්ඩායමේ නමද වෙනස් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වීම පිළිබඳ අදහස් දක්වමින් අලිරාජා සුභාස්කරන් පවසන්නේ

“ LPL හි ක්‍රමාණුකූල දියුණුව ගැන මම අවධානයෙන් සිටියා. එය ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් බවට පත් වුණා වගේම LPL ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන අංගයක් බවට පත්වෙයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. ලොව පුරා බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙම තරඟාවලිය දෙස බලා සිටින අතර වඩා හොඳ අරමුදල් සහ විශාල නම් කෙටුම්පත් කිරීමත් සමඟ ලීගය ගෝලීය සංසිද්ධියක් වනු නිසැකයි. එමනිසා මට මෙය හැර යාමට අවශ්‍ය වන්නේ නැහැ.” යනුවෙනි.

අලිරාජා සුබාස්කරන් එක්සත් රාජධානියේ ක්‍රියාත්මක ලයිකා සමාගම් සමූහයේ සභාපති වන අතර, ඔහුගේ ආර්ථික ශක්තිය හේතුවෙන් ජැෆ්නා කණ්ඩායම ඔහු වෙත භාර දීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles