Saturday, May 18, 2024

ජී 7 ට ගිය මෛත්‍රී මොනෝරේල් අරන් එන්න සැරසේ

ජී 7 සමුළුවට සහභාගිවීම සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක ප්‍රධානින් අතර හමුවක් 27 වෙනිදා  ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වුණු අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ එම සමාගම් ප්‍රධානින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහාය දැක්විමට තමන් ඉතා කැමැත්තෙන් සිටින බවයි.

ජපන් නිෂ්පාදන කෙරෙහි ශ්‍රී ලාංකිකයින් දක්වන විශ්වාසය ඉතා සතුටට කරුණක් බව පෙන්වා දුන් මොවුන් නොරිටාකේ සමාගම අද ශ්‍රී ලංකාව තුළ ලබා ඇති කීර්තිනාමය ප්‍රශංසනීය බවත්, එම කීර්තිනාමය ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ජපන් ව්‍යාපාරිකයින් වැඩි වශයෙන් උනන්දු කරවන බවත් කියා සිටියේය.

ජපානයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Taisti සමාගමේ සභාපති Takashi Yumunchi මහතා ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කළ අතර අධිවේගි මාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ, පැයට කිලෝ මීටර් 500 ක් වේගයෙන් ගමන් කරන මොනොරේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ද කැමැත්ත පළ කළේය.

13263815_10154081984511327_8586843805272748288_n

13325457_10154081984346327_1775559303196103075_n

13331153_10154081984491327_9084128046363346204_n

Hitachi සමාගමේ සභාපති Toshiak Higashihara මහතාද ශ්‍රී ලංකාවට මොනොරේල් දුම්රිය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මොනොරේල් පහසුකම්වල අවශ්‍යතාවය පිලිබඳ තම සමාගම මගින් සමීක්ෂණයක් සිදු කර තිබෙන බවත් කිලෝ මිටර් 75 ක මොනොරේල් පහසුකම් ඒ සඳහා අවශ්‍යව ඇති බවත් පෙන්වා දුන්නේය.

ජල පිරිපහදුකිරීමේ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය සහ බලශක්ති මෙන්ම තොරතුරු තාක්ෂණ අංශවල ආයෝජන සිදු කිරීමට ද එම සමාගම කැමැත්ත පළ කළේය.

එමෙන්ම දුම්රිය සහ බස් සේවාවන් සඳහා ඉලෙක්ට්‍රෝනික් කාඩ්පත් හඳුන්වාදීමේ ක්‍රමවේදය පිලිබඳවද අවධානය යොමු කෙරිණි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles