පිට පිට කඩුලු හතරක් දවා ගනිමින් ජේසන් හෝල්ඩර් මාලිංග තැබූ වාර්තාවක් සම කරයි

0
275

එංගලන්තය සමඟ තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග තුනට දෙකක් ලෙස ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ දෙරට අතර පැවති පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 17 කින් කොදෙව්වන් ජය ගැනීමත් සමඟයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස් කළේ ය.

නායක කයිරන් පොලාර්ඩ් පන්දු 25කදී නොදැවී ලකුණු 41ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 162ක් පමණි.

මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් එංගලන්ත ඉනිමේ කඩුලු 04ක් පිට පිට දවා ගැනීම විශේෂ සිදුවීමක් වුණා.

ජේසන් හෝල්ඩර් තරගයේදී බිඳ හෙළූ මුළු කඩුලු සංඛ්‍යාව 5/27 කි.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක මෙවැනි දස්කමක් දැක් වූ සිව්වන ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙනවා.

මෙම තරගයෙන් ජය ගැනීමත් සමග දෙරට අතර පැවති T20 තරගාවලියේ ජය කොදෙව්වන්ට හිමි විය.

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ස්කොට්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්පර් මීට පෙර එම දස්කම දැක්වූ අනෙකුත් ක්‍රීඩකයින් තිදෙනායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here