ඩබල් ගේම් ගහන රතු අලි පැටියෙක්..!

0
926

හොඳට තැම්බිලා ඉන්න රතු අලි පැටියන්ගේ නායකයා තමන්ට එරෙහිව ලියන,කියන මාධ්‍යවේදීන් වලට දාන්න බලාගෙන වැඩකරගෙන යන අතරේ ඒ රැලේම ඉන්න තවත් රතු අලි පැටියෙක් නායකතුමාගේ උපදෙස් මත තවත් මාධ්‍යවේදියෙක්ට කතා කලා.

“මේ අර ඔබතුමන්ලගේ මිත්‍රයෙක්ට පොඩි ඇබැද්දියක් වෙලා නේද..බය වෙන්න එපා අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ඕන වෙලාවක පෙනී ඉන්නවා..මොකද අපි මාධ්‍ය වෙනුවෙන් හැමදාම පෙනී හිටියනේ..“

මේ කතාව අහපු මාධ්‍යවේදියට හොඳටම මල පැන්නේ පුළුවන් තරම් බාල්දි අදින අතරේ දෙපැත්ත කන්න ගහන ඩබල් ගේම් දැකලයි.

“අනේ මේ..අපිට ඔබතුමාලගේ සහය අවශ්‍ය නෑ..ඔබතුමාලගෙත් කුණු කේස් ගැන පරිස්සමින් හොඳද“

මෙහෙම කිව්ව විතරයි රතු අලි පැටියගේ දුරකතනය “දඩස්“ ගාලා තිබ්බා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here