Sunday, May 19, 2024

තවත් කම්හලක 10කට කොරෝනා

මුන්දලම  කිරියංකල්ලිය නගරයේ කම්හලක සේවක සේවිකාවන් සඳහා කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව  10දෙනෙකු කෝවිඩ්-19 ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි මුන්දලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මෙහි සේවය කරන පිරිස අතරින් කිහිපදෙනෙකු කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබු බවද එම කාර්යාලය කියාසිටී.

මුන්දලම අවට ගම්මානවල පදිංචි මෙම 10දෙනා ආසාදිතයන් වශයෙන් හඳුනාගත් බැවින් ඔවුන් ද ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට පියවර ගත් බවත්  මුන්දලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles