දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම පරාජය කර යොවුන් ලෝක කුසලානයේ පස්වන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට

0
319

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි වුණා.ඒ, පස්වැනි ස්ථානය තේරීමේ පළමු අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම ලකුණු 65කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 232ක් රැස් කළා. නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 113 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 37.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

පස්වැනි ස්ථානය තේරීමේ දෙවැනි අවසන් පූර්ව තරගය පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත අතර, ඉන් ජය ගන්නා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 50කදී කඩුලු හයට 232යි – (දුනිත් වෙල්ලාලගේ 113, රනුද සෝමරත්න නොදැවී 57*, ෂෙවෝන් ඩැනියල් 29, මැතිව් බෝස්ට් 21/2, ක්වෙන මාෆා 60/3)

දකුණු අප්‍රිකාව – පන්දුවාර 37.3කදී සියල්ල දැවී 167යි – (ජර්හඩ් මෙයා 44, රොෂනේ හර්මන් 34, ඇන්ඩයිල් සිම්ලේන් 20, මයිකල් කෝප්ලන්ඩ් 20, රවීන් ද සිල්වා 14/2, ෂෙවෝන් ඩැනියල් 28/2, ට්‍රෙවීන් මැතිව් 41/2, දුනිත් වෙල්ලාලගේ 29/1යි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here